ඩග්ලස් ජනපතිට හේත්තු වෙලා

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ එක්ව කටයුතු කිරීමට ඩග්ලස් දේවානන්ද මහතා නායකත්වය දරන ඊපීඩීපී සංවිධානය තීරණය කර තිබෙනවා.
මේ පිළිබඳව ජනාධිපති අනුර දිසානායක මහතා සමග ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු පිරිසක් සාකච්ඡා කරන ලද බවයි එම පක්‍ෂ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා පවසන්නේ.
දැනට අතරමග නතර වී ඇති උතුරු නැගෙනන සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු විසි පහක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ බවයි ඔහු කියා සිටියේ.
අදාළ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද නෙල්සන් එදිරිසිංහ මහතා පවසනවා.
ධීවර අමාත්‍යාංශයේ පවතින ගැටලු හා ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩසටහන් යළි ක්‍රියාත්මක කිරීම සඳහා මාධ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.