දේශීය

රනිල් ගැන හිතලා ඡන්දෙ දෙන්න එපා – රාජිත

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුවහොත් බොහෝ දෙනා මෙරට හැර යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඒ හේතුවෙන් ජනතාව මෙවර ඡන්දය දිය යුත්තේ රනිල් වික්‍රමසිංහ යන පුද්ගලයා ගැන සිතා නොව තමන් ගැන සිතා රට වෙනුවෙන් බව‍යි ඔහු පවසන්නේ.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

ජනාධිපතිවරයා තමන්ට හැකියාව ඇතැයි පෙන්වා ඇති බවත් තවත් අයකුට අවස්ථාව දීමේ කිසිදු උවමනාවක් නැති බවත් ඔහු පවසනවා.

එවන් අත්හදා බැලීමකට ගොස් වැරදුනොත් ඊළඟට සිදුවන්නේ කුමක්දැයි සිතා බැලිය යුතු බවයි රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ.

ඉදිරියේදී යළි අරගලයක් පැමිණියහොත් පසුගිය වරක් පොහොට්ටුවේ ගෙවල් මෙන් මෙවර අරගලයක් පැමිණියහොත් අනෙක් අයගේද ගෙවල් ගිනි තැබීමට ඉඩ ඇති බවත් ඊට අවස්ථාව ලබා නොදිය යුතු බවත් රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button