කමාන්ඩෝ භටයින්ගේ විසිරයාමේ පෙළපාලිය යුධ හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

කමාන්ඩෝ පාඨමාලා අංක – 51 හි විසිර යාමේ පෙළපාලිය පසුගියදා ඌව-කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්වුණා.
ඒ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියන මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම විසිර යාමේ පෙළපාලියේ දී වසරකට ආසන්න අති දුෂ්කර පාඨමාලාව සාර්ථකව අවසන් කළ නිලධාරීන් 06 දෙනෙකු සහ සෙසු නිලයන් 125 දෙනෙකු විශිෂ්ටයන් පමනක් පලදින ‘මෙරූන් හිස්වැසුම’ පැලදීමට භාග්‍ය හිමිකර ගනු ලැබුවා.
මෙහිදී පාඨමාලාවේ දක්‍ෂතම කමාන්ඩෝ භටයාට හිමි සම්මානය ලුතිනන් ජී.සී.ඩී කාරියවසම් විසින් හිමිකරගත් අතර, දක්‍ෂතම වෙඩික්කරුට හිමි සම්මානය ලුතිනන් ඊ.ඩී.සී ද සොයිසා හිමි කර ගනු ලැබුවා.
එහිදී හොඳම ශාරීරික යෝග්‍යතාවයෙන් යුතු සෙබලාට හිමි සම්මානය හිමිකර ගනු ලැබුවේ, සාමාන්‍ය සෙබල පී.කේ.කේ.එස්. කුමාර විසින්.
මෙම විසිරයාමේ පෙළපාළිය තූර්ය වාදක සංදර්ශනයක්, රැප්ලිං සංදර්ශනයක්, ත්‍රස්ත මර්ධන ක්‍රියාන්විත නිදසුන්, කමාන්ඩෝ සුනඛ (K9) සංදර්ශන සහ නිදහස් ආර පැරෂුට් සංදර්ශන ආදී අංග රැසකින් වර්ණවත් වුණා.
මේ අතර මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නිලධාරීන‍්, පාඨමාලාව සාර්ථකව අවසන් කළ නිලධාරින් සහ සෙබළුන්ගේ දෙමාපියන් සහ සමීපතම ඥාතීන් විශාල පිරිසක් එක් වී සිටියා.