දේශීය

කැරම් බෝඩ් නඩුවට අදාළ නියෝගයට දින දෙ​යි

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ එවක සතොස ආයතනයේ හිටපු සභාපති සහ වත්මන් අමාත්‍ය නලින් ප්‍රනාන්දු විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 09 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම ක​ළා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ රුපියල් මිලියන 53කට ආසන්න වටිනාකමකින් යුත් කැරම් බෝඩ් හා දාම් බෝඩ් සතොස ආයතනය හරහා මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම නඩුව අද (01) අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button