අදානිගේ සුළං බල ව්‍යාපෘතියට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින දෙයි

මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබා දී තිබෙන අමාත්‍ය මණ්ඩල අනුමැතිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 14 දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.
S. තුරෙයි රාජා, A.H.M.D. නවාස්, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් අද (02) කැඳවනු ලැබුවා.
පෙත්සම්වලට අදාළ සීමිත විරෝධතා ඇත්නම් ඒවා අගෝස්තු මස 20 වනදාට පෙර ගොනුකරන ලෙසත් වග උත්තරකරුවන්ට නියෝග කළ විනිසුරු මඩුල්ල ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සැප්තැම්බර් මස 13 වනදාට පෙර ගොනුකරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කෙරුණා.
පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව පහක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කරමින් යෝජිත සුළං බලාගාරය ඉදිකරනු ලැබුවහොත් ඒ තුළින් පාරසරික ජෛව විවිධත්වයට දැඩි බලපෑමක් එල්ලවන බවත් බලාගාරය තුළින් සංක්‍රමණික පක්ෂීන්ගේ ජීවිත දැඩි අනතුරට ලක්වීමට ඉඩ තිබෙන බවත් සඳහන් කර තිබුණා.