දේශීය

ඩයනාට එරෙහි නඩුවකට දින දෙයි

ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බව දනිමින් කූඨ ලේඛන ඉදිරිපත් කර මෙරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ගොනුකර තිබෙන හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනාගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 09 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා, අදාළ නඩුවේ සාක්ෂි විභාගය ජනවාරි මස 09 වනදා කැඳවීමට දින නියම කළා.

ඉන් අනතුරුව නඩුවේ නඩු භාණ්ඩ සුරක්ෂිතව ආරක්ෂිත සේප්පුවක රඳවා තබන ලෙසත් විනිසුරුවරයා විසින් නියෝග කරනු ලැබුවා.

එමෙන්ම එදින පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button