දේශීය

දමිතා රත්නපුරයෙන් මහ ඡන්දෙට

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ඉදිරි මහ මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් තමන් තරඟ කරන බව ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසනවා

ඇය  ඊට අදාල  ලිය කියවිලිවලට ඊයේ (08)  අත්සන් තැබුවා.

මේ සම්බන්ධයෙන් ඇය පැවසූවේ දුක් විඳින ජනතාව වෙනුවෙන්  යම් මෙහෙවරක් කිරීමට ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට තීරණය කළ බවයි.

ජනතාවගේ සහ විශේෂයෙන්ම කලාකරුවන්ගේ ප්‍රශ්න ගැටලු ගැන  තමාට හොඳ අවබෝධයක් ඇති බවද ඇය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button