දේශීය

භාණ්ඩ වර්ග 48ක් සඳහා කොන්දේසි.

තිරිඟු පිටි, කිරිපිටි, සහල්, ටින් මාළු, සිමෙන්ති, වානේ කම්බි ඇතුළු භාණ්ඩ වර්ග 48ක් සඳහා නිෂ්පාදන, ආනයනය සහ අලෙවියට අදාළ කොන්දේසි කිහිපයක් පනවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සදහන් වන්නේ මෙම කොන්දේසිවලට යටත්ව නිෂ්පාදකයන් සහ අලෙවි කරන්නන් කටයුතු කළ යුතු බවය.

පාරිභෝගිකයකු හෝ යම් තැනැත්තකු විසින් ඉල්ලුම් කළ භාණ්ඩ නොපමාව සැපයීම සිදුකළ යුතු බව මෙම ගැසට් නිවේදනයේ සදහන්.එමෙන් ම භාණ්ඩ නිෂ්පාදනය කරන්නන් හට අමුද්‍රව්‍ය ගැටලුවක් හෝ වෙනත් සාධාරණ නිෂ්පාදනයේ ගැටලුවක් නොමැතිනම් නිෂ්පාදනයේ උපරිම ධාරිතාවක් පවත්වාගත යුතු වෙනවා.

එමෙන් ම පාරිභෝගිකයන් වෙත මුද්‍රිත හෝ ඉලෙක්ට්‍රොනික කුවිතාන්සයක් ලබා දිය යුතු අතර එම කුවිතාන්සයේ පිටපතක් අලෙවි කරන්නා සතුව පවත්වාගත යුතු බව පාරිභෝගික අධිකාරිය නිකුත් කළ මෙම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button