දේශීය
පඩි වැඩි කිරීමට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිලි

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමේ තීරණය ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව පවසා තිබුණා.
රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ, මෙම තීන්දුවල දේශපාලන භාවය සහ මැතිවරණයට එය කුමන ආකාරයකින් බලපායිද යන්න ගැටලුවක් බවයි.
මේ අතර රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පිළිබඳව සමගි ජන බලවේගය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් යොමුකළා.
එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ එය ජනාධිපතිවරණ ඡන්ද විමසීම් පනත උල්ලංඝනය කරමින් යොමුකර ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙසයි.