විකට නළු බන්දු සමරසිංහට මිලානෝ හී ශ්‍රී ලංකා කොන්සියුල් ජෙනරාල් ධූරය

ප්‍රවීන ප්‍රහසන නළු බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සියුල් ජෙනරාල්වරයා ලෙස පත්කර ඇති බවට වාර්තා වෙනවා.
නීලා වික්‍රමසිංහ මහත්මියගේ අභාවයෙන් පසු හිස් වූ එම තනතුරට බන්දු සමරසිංහ මහතා පත්කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කලා සංසදය විසින් මෙම තනතුරු ලබාදීම සිදුකරන බවට වාර්තා වේ.
කෙසේ වෙතත්, පවතින තත්ත්වය තුළ මෙම තනතුර නිල වශයෙන් භාර ගන්නවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් බන්දු සමරසිංහ නිශ්චිත වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවයි වාර්තා වෙන්නේ.
එසේම, ඔහුගේ පුත්‍රයා වන කාංචන සමරසිංහට ඔහු සමඟ ඉතාලියට යාමට සහ එම රටේ වෘත්තියක නියැලීමට අවස්ථාවක් හිමි කර දී ඇති බවත් වාර්තා වී තිබෙනවා.
නමුත්, පොදුජන පෙරමුණේ කලා සංසදය විසින් ගන්නා ලද තීරණයට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සිය එකඟත්වය පළ කර නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා තිබෙන්නේ.