චන්ද්‍රිකාගෙන් මාධ්‍යවේදීන්ට බැණුම් (VIDEO)

හිටපු අමාත්‍යවරයකු වන මංගල සමරවීර මහතාගේ මියගොස් තෙමසක් සම්පූර්ණවීම නිමිත්තෙන් ඔහුගේ පවුලේ ඥාතීන් සහ හිතමිතුරන් එක්ව “මතක මංගල” නමින් ආගමික හා සමරු වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණා.
ඔහුගේ භෂ්මාවශේෂ කොළඹ 08, බෞද්ධාලෝක මාවතේ පිහිටි ‘ද රෙස්ට්පෙක්ට්’ ජයරත්න මල් ශාලාවෙහි ඊයේ (25) පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා තැන්පත් කර තිබුණේ මංගල සමරවීර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට බොහෝ දෙනෙකුට නොහැකිවීම හේතුවෙන්.
ඒ අනුව ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ හිතවතුන් ඇතුළු විවිධ පිරිස් පැමිණි අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරුංග මහත්මිය ද ඒ අතර විය.
එම අවස්ථාවට සහභාගී වී පිටතට පැමිණෙන හිටපු ජනාධිපතිනියගෙන් මාධ්‍ය විවිධ ප්‍රශ්න ඇසීමේදී ඇය ඊට පිළිතුරු දීමට කැමති වූයේ නෑ. එමෙන්ම, ඉන් අනතුරුව මාධ්‍ය වේදියෙක් රසායනික පොහොර පිළිබඳව විමසීමේදී එම අවස්ථාව දේශපාලනය කතා කිරීමට සුදුසු අවස්ථාවක් නොවන බවට ඇය ආවේගයෙන් පවසා නික්ම ගියා.