දේශීය

තැන තැන සිදුව​න රිය අනතුරු

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ උප්පුවේලි, වැලිපැන්න, කෑගල්ල සහ මීටියාගොඩ යන ප්‍රදේශවල මෙම අනතුරු සිදුව ඇති බවයි.

කෑගල්ල බල්ලපාන ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන් කළ යතුරුපැදියක් යුධ හමුදා ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් 66 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබෙන බව පොලීසිය පවසනවා.

එමෙන්ම උප්පුවේලි, කිළිකුංචිමලේ හන්දිය ප්‍රදේශයේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් 39 හැවිරිදි යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර මීටියාගොඩ වැරැල්ලාන ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන් කළ 78 හැවිරිදි පුද්ගලයෙකු ත්‍රීරෝද රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

එමෙන්ම වැලිපැන්න ලෙව්වන්දූව හන්දිය ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන් කළ 62 හැවිරිදි කාන්තාවක් ලොරි රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button