දේශීය
අයි.එම්.එෆ් සහාය ගන්න කැබිනට් මණ්ඩලයේ එකඟතාව…

රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නැයි ඇමතිවරුන් ගණනාවක් ඊයේ රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී යෝජනා කර තිබෙනවා.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අවස්ථා 16 කදී ගනුදෙනු කර ඇති බැවින් ,මේ අවස්ථාවේ ඔවුන්ගේ සහාය ගැනීම ගැටලුවක් නොවන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
ඒ අනුව විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහ උපදේශන සහය ලබා ගැනීමටත්, මූල්‍යමය සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන ආර්ථික සභා රැස්වීමේදී තීරණයක් ගැනීමටත් කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබෙනවා.
කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණවලට එළඹ ඇති බව වාර්තාවනවා.