දේශීය
මිල ප්‍රදර්ශනය කරනවා නම් විතරක් බඩු ගන්න

මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණක් භාණ්ඩ මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති T.I උඩුවර මහතා පවසනවා.
ඔහු පවසන්නේ, බේකරි නිෂ්පාදනය සහ සහල් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට තවදුරටත් ලැබී නොමැති බවයි.
බේකරි නිෂ්පාදන ඇතුළු සියලුම භාණ්ඩ අළෙවියේදී මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් මිල ප්‍රදර්ශනය නොකරන වෙළදුන් සොයා රටපුරා වැටලීම් ක්‍රියාත්මක බවත් උඩුවර මහතා පවසනවා.
එම අධිකාරීයේ විමර්ෂණ නිලධාරීන් පසුගිය දින කීපයේදී පාන් මිල සම්බන්ධයෙන් පමණක් රට පුරා වැටලීම් 200 කට අධික සංඛ්‍යාවක් කළ බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.