විශේෂාංග

බ්‍රිතාන්‍යයේ ‘හොඳම කෝකියා’ ලාංකික පශුවෛද්‍යවරයෙක්

බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික, පශු ශල්‍ය වෛද්‍ය බ්‍රින් පිරතාපන්, රූපවාහිනී විශාලතම ඉවුම් පිහුම් තරඟාවලියක දී මාස්ටර් චෙෆ්හි කීර්තිමත් නාමයට හිමිකම් කියා තිබෙනවා.

ඒ එරට මාස්ටර් චෙෆ් (MasterChef Champion 2024) හි 20 වැනි මාලාව අවසානයේ ජයග්‍රහණය කරමින්.

BBC One හි විනිශ්චයකරුවන් වන John Torode සහ Gregg Wallace විසින් බ්‍රින් හට මාස්ටර්චෙෆ් කුසලානය පිරිනමන ලදී.

MasterChef ඉතිහාසයේ කොටසක් බවට පත්වෙමින්, 29 හැවිරිදි බ්‍රින් දශක දෙකක කැපී පෙනෙන ශූරයන් අතරට එක් වූ බවයි සඳහන් වන්නේ.

සති අටක් පුරා පැවැති අභියෝගාත්මක තරඟවලින් පසු තවත් සූපශාස්ත්‍ර තරඟකරුවන් 57 දෙනකු පසුකර ගිය බ්‍රින් අවසන් තිදෙනා අතරට පැමිණියේ සුවිශේෂී අනුශූරයන් වූ 44 හැවිරිදි ලුයිස් ලියොන් මැක්ලියෝඩ්,සහ ක්‍රිස් විලෝබිට එරෙහිවයි.

ඔහුගේ ජයග්‍රහණය පිළිබඳව බ්‍රින් පළ කළ අදහස්,

මම මගේ පසුබිම, මගේ සංස්කෘතිය සහ මගේ දෙමාපියන් මට ලබා දී ඇති සියලු අවස්ථාවන්හි විශාල මිශ්‍රණයකි. ඔවුන් ඇදහිය නොහැකි තරම් වූ අතර මම එය මා වෙනුවෙන් කර ඇති තරමට මම ඔවුන් වෙනුවෙන් එය කර ඇත්තෙමි. මෙම අත්දැකීමම ඇදහිය නොහැකි තරම් වූ අතර මෙය සමඟින් එය ඉහළට ගෙන ඒම මෙතෙක් පැවති විස්මිතම දෙයයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button