ඡන්ද ගන්න අල්ලස් දීම් ඉහළ ගිහින්

ඡන්දය ලබා ගැනීමට ඇතැම් මහජන නියෝජිතයින් ජනතාවට අල්ලස් ලබාදීම ඉහළ ගොස් ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 84 ක් ලැබී ඇති බවයි.
ඉන් වැඩි සංඛ්‍යාවක්, රාජ්‍ය බලය හා දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් වන බවයි ඔහු පවසන්නේ.
මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 44 ක් ලැබී ඇති බව ප්රජාතන්ත්රිය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා පැවසුවා.
ජනාධිපතිවරණයට අදාළව පොලිස් මෙහෙයුම් මැදිරියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 9 ක්.
ඉන් පැමිණිලි 4ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවා.
ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගණන 5 ක්.
මේ අතර, මැතිවරණයට අදාළ පැමිණිලි 320 ක් වාර්තා වී ඇති බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළා.
ඉන් පැමිණිලි 103ක් වාර්තා වී ඇත්තේ, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයටයි.
සෙසු පැමිණිලි 214, ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී තිබෙනවා.