දේශීය

Breaking : ඡන්දේ කල් දාන නඩුව ප්‍රතික්ෂේප කරලා

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබෙනවා.

ඒ, එම පෙත්සම අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීයි.

සිවිල් සංවිධානයක් විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරනු ලැබුවා.

මහ මැතිවරණයේ දිනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය නීතියට පටහැනි බවට එම පෙත්සමේ සදහන් කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button