දේශීය

Breaking: තොණ්ඩමන්ව අත්අඩංගුවට ගන්නැ​යි නියෝග

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් ජයමිණී අඹගහවත්ත මහතා විසින් නුවරඑළිය පොලීසියට නියෝග කර තිබෙනවා.

පසුගිය මැයි (30) දින අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහ​තා ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් කැලණි වැලි සමාගම යටතේ පාලනය වන නුවරඑලිය පීඩෘ තේ කර්මාන්ත ශාලාවට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය විසින් නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ (22) දින කරුණු වාර්තා කල අවස්තාවේ මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය කල බවයි වතු සමාගම වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කල ජ්‍යෙෂ්ඨ නීතිඥ පාලිත සුහසිංහ මහ​තා කියා සිටියේ.

කැලණි වැලි වතු සමාගමට අයත් නුවරඑලිය පීඩෘ තේ කර්මාන්ත ශාලාව තුලට අමාත්‍යවරයා ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී දණ්ඩ නීති සංග්‍රහයට පටහැනිව කටයුතු කරමින් ක්‍රියාකිරිම සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය මගින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණා.

අධිකරණය වෙත අද (22) දින ඉදිරිපත් වන ලෙසට අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් පිරිසට ලිඛිතව නුවරඑළිය පොලිසිය මගින් දැනුම් දි තිබු නමුත් සැකකරුවන් කිසිවෙක් අධිකරණය වෙත ඉදිරිපත් වි නොසිටි නිසා වතු සමාගම වෙනුවෙන් පෙනි සිටි නිතිඥයවරුන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button