දේශීය
Breaking : රනිල්ගෙන් තවත් තීරණයක්
එළැඹෙන අය වැය යෝජනා ඔස්සේ උපයන විට ගෙවන බදු අඩුකිරීමේ යෝජනාව ඇතුළත් කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
රජය මඟින් අදාළ යෝජනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කර එහි එකඟතාව ඊට ලබාගෙන ඇති බව සඳහන්.
එම යෝජනාව අනුව එක් එක් වැටුප් තල වලින් දැනට අයකෙරෙන උපයන විට බදු අඩුකෙරෙන්නේ පහත පරිදිය,
රුපියල් 150,000 – දැනට මාසිකව ගෙවන රුපියල් 3,000ක බද්ද රුපියල් 500කින් රු. 2,500 දක්වා අඩු කෙරෙයි.
රුපියල් 300,000 – දැනට මාසිකව ගෙවන රුපියල් 7,000ක බද්ද රුපියල් 3,500කින් රු. 3,500 දක්වා අඩු කෙරෙයි.
ඒ සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මහතා දැක්වූ අදහස් :
“අද කැබිනට් මණ්ඩලය අයවැය සකසන භාණ්ඩාගාරයට දන්වලා යවන්න තීරණය කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සමග උපයන විට ගෙවීමේ බද්ද පිළිබඳ ජනතාවට සහනයක් දෙන්න.”