Breaking: වීසා ක්‍රමවේදයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්
විද්‍යුත් වීසා සදහා පැවති ක්‍රමවේදය වෙනස් කරමින්, විදෙස් සමාගම් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නව ක්‍රමවේදය අවම කිරීමට පෙර පැවති ක්‍රමවේදය යටතේ වීසා සේවා ක්‍රියාත්මක කරන ලෙසද විනිසුරු මඩුල්ල නියම කළා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ එම්,ඒ සුමන්තිරන් යන මහත්වරුන් ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර තිබූ පෙත්සම් කිහිපයක් සලකා බැලූ අවස්ථාවේදීයි.
ගුවන් තොටුපොළ ආශ්‍රිතව ක්‍රියාත්මක්ක වීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මඟින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලෝකයට විවෘත වීමේ අවදානමක් මතුව ඇති බැවින් එම ක්‍රමවේදය බල රහිත කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණා.
පෙත්සම්කරුවන් විද්‍යුත් වීසා සේවාව මෙතෙක් පැවති ක්‍රමය වෙනස් කරමින් විදෙස් සමාගම් ඇසුරුම් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබීම නිසා සංචාරක ව්‍යාපාරය අවදානම් තත්වයකට මුහුණ පා ඇති බව පෙන්වාදෙනවා.
එමෙන්ම වීසා ගාස්තු ඉතා ඉහළ යන බවත් මහජනතාවට රජය කෙරෙහි විශ්වාසය බිදී යන බවත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් අවධාරණය කර තිබුණා.
මෙම තත්වය තුළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බව පවසන පෙත්සකරුවන් ඉල්ලා සිටියේ පෙත්සම් විභාගයට අවසර ලබා දෙමින් අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම වළවක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි.
පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා ඇතුළු පාර්ශව 32ක් ඇතුළත් පෙත්සම් ඔක්තෝබර් 04 කැදවීමට නියමිතයි.
ඒ අනුව විද්‍යුත් වීසා පැවති ක්‍රමවේදය වෙනස් කරමින් විදෙස් සමාගම් ඇසුරුම් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.