දේශීය

Breaking: ජනපතිවරණයේ දිනය ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

Update:

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අයවැයෙන් ඉල්ලා තිබූ බිලියන 10ක මුදල ලැබී ඇති බැවින් මැතිවරණයට අදාළ මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව ද මැතිවරණ කොමිසම පවසනවා.

එමෙන්​ම මැතිවරණයට අදාළ කඩදාසි සම්බන්ධයෙන් ද මෙතෙක් ගැටළුවක් නොමැති බවයි කොමිසම වැඩි දුරටත් සඳහන් කළේ.


මේ ම​ස අවසන් වීමට පෙර ජනාධිපතිවරණයට අදාල ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමේ දිනය දැනුම් දෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමි වනවා.

මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති R.M.A.L රත්නායක මහතා සඳහන් කළේ, මේ මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවයි. 

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනාධිපතිවරණ පනතේ ඇති කරුණුවලට අනුව දින ලබා දෙන අතර, වෙනත් කිසිදු හේතුවක් මත, ජනාධිපතිවරණයට අදාල කටයුතු සිදු කෙරෙන දින වෙනස් නොවන බව ද මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසනවා.

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළ ඉදිරි කටයුතු සිදු කරමින් පවතින බව​යි සභාපතිවරයා පවසන්නේ.

එමෙන්​ම ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10 ක් වෙන්කර ඇති බව මුදල් අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණ වියදම් වෙනුවෙන් මුදල් ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක මුදල් නිකුත් කිරීමට හැකි බව එහි ජ්‍යෙෂ්‍ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button