දේශීය
නුවරඑලියේ බවුසර් රථ අනතුරක් – දෙදෙනෙකුට තුවාල

නුවරඑලිය මහ නගර සභාවේ ගලි බවුසරයකට පුද්ගලයින් දෙදෙනෙකු යටවි බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
අද (12) උදැසන 10.30 ට පමණ නුවරඑලිය පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී මෙම අනතුර සිදුවී තිබුණා.
නුවරඑලිය පොලිසිය පවසන්නේ, ප්‍රධාන මාර්ගයේ සුදු ඉර මතින් මාර්ගය හරහා මාරු වු පදිකයින් දෙදෙනෙක් මෙලෙස අනතුරකට ලක්ව ඇති බවයි.
නුවරඑලිය හාවාඑළිය ප්‍රදේශයේ සිට මහ නගර සභාව දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති මෙම බවුසරය නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල මාර්ගයේ නවතා තිබු මොටර් රථයකද ගැටී තිබෙනවා.
පසුව බවුසර් රථයේ රියදුරා නුවරඑලිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, අනතුරෙන් ගලි බවුසරයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වි ඇති බවයි.