දේශීය

ස්ටාලින්ට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගියදා අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොළඹ, කොටුව පොලිස් බලප්‍රදේශය තුළ පිහිටි බැංකු මාවත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරතවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ජෝශෆ් ස්ටාලින් මහතා ව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

මේ අතර ජනාධිපති මන්දිරයට ඇතුලුවීම ඇතුලු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අරගලයේ නියෝජිතයෙකු වූ පියත් නිකේෂල නැමැත්තා අද පෙරවරුවේ නීතීඥවරයෙකු මාර්ගයෙන් කොළඹ මධ්‍යම විමර්ශන කොට්ඨාසයට වෙත භාරවුණා.

පොලිසිය සඳහන් කළේ මේ වනවිට ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button