දේශීය
ජොන්ස්ටන්ගේ BMW සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනාට ඇප

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නීතිවිරෝධී ලෙස උපයා ගත් බව කියන සුඛෝපභෝගී මෝටර් රථය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.
මෙම සැකකරුවන් දෙදෙනා එම සිද්ධිය සම්බන්ධයෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වුණා.
එසේ භාර වීමෙන් පසුව ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මේ අතර, මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයා පසුගියදා (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.