දේශීය

අතුරුගිරිය වෙඩි තැබීමේ සැකකරුව​න් අධිකරණයට

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකුව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 7 දෙනා අධිකරණය වෙත රැගෙන ගොස් තිබෙනවා.

එම සැකකරුවන් හත් දෙනා බන්ධනාගාරයට අයත් විශේෂ බස් රථයකින් රැගෙන ආ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ද ලබා දී තිබුණා.

ජූලි 08 වනදා සිදුකළ එම වෙඩිතැබීමෙන් තවත් සිව් දෙනෙක් තුවාල ලැබූ අතර ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා ද ඒ අතර වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button