ආසියානු කුසලාන අවසන් මහා සටන හෙට

පකිස්තානයට එරෙහිව කඩුලු 2ක තියුණු ජයග්‍රහණයක් ලබමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාව එම කුසලානය දිනා ගැනීමේ අරමුණින් ඉන්දියාව සමග හෙට (17) තරඟ කිරීමට නියමිතයි.
ඒ, හෙට ප.ව. 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.
ඒ අනුව, ආසියානු කුසලානය 6ක් මේ වනවිට ශ්‍රී ලංකාව සතු කරගෙන කර ඇති අතර, ආසියානු කුසලානය 7ක් ඉන්දියාව සතු කර ගැනීමට ඔවුන් සමත් වනවා.
16 වැනි වරට පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය සඳහා ශ්‍රී ලංකාව මෙවර සුදුසුකම් ලබා තිබෙන්නේ එකොළොස් වැනි වතාවටයි.
අවසන් පන්දුව තෙක්ම ජයග්‍රාහී කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කිරීමට නොහැකි තරමටම අතිශය තියුණුකාරී මුහුණුවරක් සමගින් හෙට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අවසන් මහා සටනට තරඟ කිරීමට නියමිතයි.
මේ අතර, හෙට පැවැත්වීමට නියමිත 2023 ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කිරීමේ අවස්ථාව මහීෂ් තීක්ෂණ හට අහිමිවී තිබෙනවා.
ඒ, පසුගිය 14 වැනිදා පාකිස්තානය සමඟ පැවැත්වුණු තීරණාත්මක තරගයේ පන්දු යවමින් සිටියදී මහීෂ් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.
ඒ අනුව, මහේෂ් තීක්ෂණගේ ස්ථානය පිරවීම සඳහා සහන් ආරච්චිගේ කැඳවන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.