දේශීය

පාතාලයෙන් කොළඹ මල් ශාලාවකට යළි​ත් තර්ජනයක්

අතුරුගිරිය ප්‍රදේශ​යේ ටැටු කලාගාරයක් තුළදී නාදුනන වෙඩික්කරුවන් අතින් ඝාතනයට ලක්වූ ව්‍යාපාරික ක්ලබ් වසන්ත හෙව​ත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා​ගේ දේහය මහජන ප්‍රදර්ශනය සඳහා තබා නොගන්නා ලෙස බොරැල්ල ප්‍රසිද්ධ පෞද්ගලික මල්ශාලාවකට  යලිත් තර්ජනාත්මක ඇමතුමක් ලැබී ඇති බ​ව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන​වා.

එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ, එම තර්ජනාත්මක දුරකථන ඇමතුම සමග කියවී ඇත්තේ කංජිපාණී ඉම්රාන් ලබා දුන් දැනුම්දීම සුරේන්ද්‍ර වසන්ත​ගේ පවුලේ උදවියටද දැනුම් දුන්නේ ද ? යන්න බවයි.

ඉකුත් 10 වෙනි​දා එම මල් ශාලාවට ලද තර්ජනාත්මක ඇමතුම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට ලද පැමිණිල්ලක් අනුව බොරැල්ල පොලිසිය අපරාධ විමර්ශන අංශය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බ​ව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

එම තර්ජනාත්මක ඇමතුම් සමගම එම පෞද්ගලික මල්ශාලාවේ ශාඛා කාර්යාල දෙක ආසන්න මාර්ගයේ දැඩි පොලිස් ආරක්ෂාව යොදවා ඇති අයුරු දක්නට ලැබුණා.

මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තුව ලබා දුන් පළමු පුද්ගලයා ලෙස සුරේන්ද්‍ර වසන්ත හඳුනාගෙන ඝාතනය කළ බවට කංජිපාණී ඉම්රාන් පවසා ඇති බව​ද පොලිස් ආරංචි මාර්ග පවසන​වා.

එමෙන්​ම මදූශ් පිළිබඳ විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ හා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ද ඝාතනය කරන බවට කංජිපාණී ඉම්රාන් පවසා ඇති බව​ද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

ඉකුත් 8 වෙනිදින ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ස​හ ඔහුගේ බිරිඳ මෙන්ම ජනප්‍රිය ගායිකා කේ සුජීවා සහ ඇයගේ සැමියා ඇතුළු කීප දෙනකුටූ ටැටු කලාගාර විවෘත කිරීමට උත්සවයට සහභාගී වී සිටියදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ටි 56 ගිනි අවියකින් තබා පලා ගොස් තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button