දේශීය
වෙරළ තීරයක නාඳුනන කාන්තා මළ සිරුරක්

පයාගල වෙරළ තීරයේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා.
ඊයේ (22) උදෑසන පයාගල වෙරළ තීරයේ කාන්තාවක් වැටී සිටින බවට පයාගල පොලීසියට ලද පණිවුඩයක් ලැබී තිබුණා.
පසුව පොලීසිය අදාළ ස්ථානයට ගොස් එම කාන්තාව නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බවයි පොලීසිය පවසන්නේ.
මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
ඇය වයස අවුරුදු 60ත් 70ත් පමණ උස අඩි 05ක පමණ වන තළෙලු සිහින් සිරුරක් හිමි කාන්තාවක් බව පොලීසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.