දේශීය
කොටුව දුම්රියපොළ ඉදිරිපිට නාඳුනන මළ සිරුරක්

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය අසල රැඳී සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඊයේ (15) රාත්‍රීයේදී කොටුව පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.
මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 60ත් 65ක් පමණ වන උස අඩි 05යි අඟල් 04ක් වන තළෙළු, කෙට්ටු සිරුරකින් යුත් පිරිමි පුද්ගලයෙක් බවයි පොලීසිය පවසන්නේ.
ඔහු අවසන් වරට අත්කොට කමිසයක් සහ රතු පැහැති සරමක් හැඳ සිටින බව පොලීසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.