වෛද්‍ය කපිලගේ ඇප ඉල්ලීමට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

මහත් ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතාගෙ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 24වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (10) නියෝග කළා.
මෙම තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
නමුත් අභියාචනාධීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ එම තීරණය ලබන 24වනදා ප්‍රකාශයට පත්කරන බවයි.
තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි බවත් එබැවින් එය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා වෛද්‍ය කපිල වික්‍රනායක මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.