දේශීය

අලි සබ්‍රි​ට එරෙහිව විවෘත වරෙන්තුවක්

නීති විරෝධි ලෙස රත්‍රං මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත්කර තිබෙනවා.

ඒ කල්පිටිය ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයට අයත් ගොඩනැගිල්ලකට අනවසරෙන් ඇතුලුවීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවට පෙනි නොසිටීම හේතුවෙන්.

මීට පෙර නඩුව කැඳවූ මාර්තු 4 සහ අප්‍රේල් 1 යන දින දෙකේදී සහ ජූලි 8 වැනිදා වග උත්තරකාර මන්ත්‍රීවරයා අධිකරණයේ පෙනී නොසිටි අතර මන්ත්‍රීවරයා නියෝජනය කරමින් නීතිඥයකු හෝ අධිකරණය හමුවේ පෙනී සිට තිබුණේ නැහැ.

රාජ්‍ය නොවන සංවිධානයකින් ලැබුණු පැමිණිල්ලකට අනුව ඔවුන්ගේ ගොඩනැගිල්ලකට සාපරාධී ලෙස ඇතුළුවීම, දේපළ අනර්ථය යන චෝදනා කල්පිටිය පොලිසිය විසින් වගඋත්තරකාර මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.

සෑම පුරවැසියකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද අධිකරණයට ගරු කරමින් අධිකරණයේ පෙනී සිටිය යුතු බව පෙන්වා දී ඇති මහේස්ත්‍රාත්වරිය, රාජ්‍ය නොවන සංවිධානයට අයත් යතුර ඔවුන්ට වහාම භාරදීමට ක්‍රියා කරන ලෙසට ද නියෝග කර තිබුණා.

මෙම නඩුව ලබන 22 වැනිදා නැවත කැඳවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button