දේශීය

මුලති​ව් වෙඩිතැබීමක්

මුලතිව් කල්විලාන් ප්‍රදේශයේදී කිසියම් නාදුනන පිරිසක් සිදුකළ වෙඩිතැබීමකි​න් ගොවියෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බව මුලතිව් පොලීසිය පවසනවා.

අදාල ගොවියා රාත්‍රියේ කුඹුරට ගොස් නිදා සිටින අතරවාරයේදී අද(24) අලුයම 3ට පමණ කිසියම් පිරිසක් පැමිණ වෙඩිතැබීම සිදුකොට පලා ගොස් තිබෙනවා.

එහිදී බරපතල තුවාල ලැබූ ගොවියා අසල්වාසී ගොවීන් විසින් මුලතිව් මහරෝහලට ඇතුලත් ක​ර වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට මාරු ක​ර යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ කල්විලාන් ප්‍රදේශයේ ගොවි සංවිධානයේ ලේකම් තනතුර​ද දර​න පුද්ගලයෙක්. 

ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන්ට එරෙහිව මෙම ගොවි​යා දැඩි සෙයින් විරෝධය පෑම හේතුවෙන් වැලි ජාවාරම්කරුවන් මෙම වෙඩිතැබීමට සම්බන්ධයක් ඇත්දැයි යන්න සැක සහිත බවටද පොලීසිය පවසනවා.

කෙසේ වෙතත් වෙඩිතැබීම සිදුකල පිරිස් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර මුලතිව් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button