දේශීය
තරුණ දරුවන් අතර ඒඩ්ස් රෝගය ව්‍යාප්තියේ වර්ධනයක්

පසුගිය වසරේදී HIV ඒඩ්ස් රෝගය වැලඳුන ළමුන් 40 දෙනෙකු හඳුනාගැනීමට හැකිවූ බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසනවා.
එහි ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය සඳහන් කළේ, වාර්තා වී ඇති වැඩිහිටි පුද්ගලයින් සංඛ්‍යාව 3,169 ක් බවයි.
HIV රෝගය සමඟ ජීවත් වන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2022 වර්ෂයේ දී 607 ලෙස වාර්තා වී ඇති අතර 2023 වර්ෂයේ දී එම සංඛ්‍යාව 694 ක් ලෙස ඉහළ යාම 14%ක වර්ධනයක් ඇති බව ඒ මහත්මිය පවසනවා.
මෙම රෝගීන් 694 දෙනාගෙන් 613 දෙනෙක් පිරිමි පුද්ගලයින්.
මේ අතර 15 සහ 24 යන නව යොවුන් විය ලෙස සැලකෙන වයස් කණ්ඩය අතරේ ඒඩ්ස් රෝගය ව්‍යාප්ත වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ද විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.