ක්‍රීඩා
නවසීලන්තයට පහසු ජයක්

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය අතර අද (07) පැවති තරඟයෙන් ජයග්‍රහණය වාර්තා කිරීමට නවසීලන්තය සමත්වුණා.
තරඟයේ කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්තානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ඔවුන් රැස් කළේ ලකුණු 124ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 18 යි එක් පන්දුවක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 125ක් ලබා ජයග්‍රහණය වාර්තා කළා.