තාක්ෂණික
X ගිණුම් හිමියන්ගෙන් මාසිකව මුදලක් අයකිරීමේ සූදානමක්

සියලුම “X” ගිණුම් හිමියන්ගෙන් මාසිකව අය කිරීමක් කිරීමට බලාපොරොත්තු වනබව ඊලොන් මස්ක් පවසනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ, ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග පැවති අදහස් හුවමාරුවකදියි.
එමගින් ව්‍යාජ ගිණුම් පවත්වා ගෙනයාම පාලනය කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළා.
ටෙස්ලා සහ ස්පේස් X හි ප්‍රධානියාද වන මස්ක් පවසන්නේ මෙම සමාජ මාධ්‍ය ජාලය භාවිත කරන්නන්ට මාසිකව යම් මුදලක් ගෙවීමට සිදුවුවහොත් ව්‍යාජ ගිණුම් පවත්වා ගෙන යන්නන් ක්‍රමානුකූලව ඉවත්විය හැකි බවයි.
මේ වනවිට X ගිණුම් හිමියන්ගෙන් කිසිදු මුදලක් අයනොකෙරෙන නමුත් එහි පරිශීලකයින්ට මුදල් ගෙවා X Premium හා සම්බන්ධ වීමට හැකියාව පවතිනවා.