පාලිකාවකට අතවර කළ හමුදා සැරයන්වරයෙකු අත්අඩංගුවට

සෞඛ්‍ය සාහිකාවට ලිංගික අතවර කළ බවට පවසන සිද්ධියක් සම්බන්ධයෙන් හමුදා සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරට ලක්ව තුවාල ලබා රෝහලට රැගෙන එමින් සිටි රෝගියෙකු සමග පැමිණි මෙම යුද හමුදා සැරයන්වරයා 1990 සූව සැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සාහිකාවට මෙලෙස අතවර කර ඇති බවයි හොරණ මූලස්ථාන පොලිසිය පවසන්නේ.
යුද හමුදා සැරයන්වරයා එහිදී පොලිස් මුරපොලේ නිලධාරියාට හා රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය ද කර තිබෙනවා.
පොලිසිය පවසන්නේ, හොරණ කඳන බැල්ලපිටිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයකු වන අත්අඩංගුවට ගත් සැකකාර හමුදා සැරයන්වරයාගේ සහෝදරයා ගිලන් රථයට නන්වා ගෙන රැගෙන ඒමට සූදානම් වීමේදී සහාය සඳහා එයට ගොඩවි ඇති හමුදා සැරයන්වරයා රෝගියා සමඟ සිටි සෞඛ්‍ය සාහිකාවට ගිලන් රථය තුළදී ලිංගික අතවර සිදුකර තිබූ බවයි.
ඒ බව සෞඛ්‍ය සහායිකාව පොලිස් මුරපොලේ නිලධාරියාට පැවසීමෙන් අනතුරුව සැකකරු මුරපොලේ පොලිස් නිලධාරියාට මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තර්ජනය කර හැසිරී ඇති අතර අනතුරුව එහි ගිය පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සහ තුවාල ලැබූ ඔහුගේ සහෝදරයාය ඔවුන් අධික ලෙස බීමත්ව සිටි බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු පනාගොඩ යුද්ධ හමුදා මූලස්ථායට අනුයුක්තව සේවය කරන්නෙක් බවද පොලීසිය සඳහන් කළා.