දේශීය

දහම් පාසල් ගුරු සහතික පත් විභාගය ගැන නිවේදනයක්

දහම් පාසල් ගුරු සහතිකපත් විභාගය ලබන 16 වැනිදා දිවයින පුරා මධ්‍යස්ථාන 22 කදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය පැවැත්වෙන බවයි.

අදාළ විභාගයට අයදුම්පත් ඔන්ලයින් ක්‍රමවේදය හරහා මේ දිනවල සිදුවන බවත්, අයදුම් භාරගැනීම හෙටින් අවසන් වන බවත්, එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දිවයින පුරා පිහිටි දහම් පාසල් 10,300ක ගුරුවරු 126,000​ක් පමණ සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button