දේශීය

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දින​ය ගැන නිවේදනයක්

පසුගියදා පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේදී ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් ව සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහ​තා පවසනවා.

අමාත්‍යවර​යා පවසන්​නේ උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට සියලු දීමනා වැඩි කළ බවයි.

ඔහු මේ බව කියා සිටියේ, හෝමාගම දී මාධ්‍යට අදහස් දක්වමින්.

මේ වන විට පුරප්පාඩු සදහා ගුරුවරුන් ලෙස සංවර්ධන නිළධාරීන් 23,00​න් 6000ක​ට පත්වීම් ලබා දී තිබෙන අත​ර ඉතුරු අය සදහා සම්මුඛ පරීක්ෂණක් පවත්වා පත්වීම් ලබා දීමට කටයුතු කිරීමට සැළසුම් කර ඇති බැවින් ඉතා කෙටි කාලයක​දී ගුරු පුරප්පාඩු සියල්ල පුරවා අවසන් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button