දේශීය

ඡන්ද පත්‍රිකාව ගැන නිවේදනයක්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද පත්‍රිකාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ පොළොන්නරුව, මොණරාගල සහ කෑගල්ල මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා එක් තීරුවක පමණක් මුද්‍රණය කර ඇති බවයි.

කෙසේවෙතත්, දිවයිනේ අනෙකුත් මැතිවරණ කොට්ඨාසවල ඡන්ද පත්‍රිකා තීරු දෙකකට මුද්‍රණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

තමන් ඡන්දය ලබාදෙන පිළිගත් දේශපාලන පක්ෂයේ නම සහ ලකුණ ඉදිරියෙන් හෝ ස්වාධීන කණ්ඩායමේ අංකය සහ ලකුණ ඉදිරියෙන් ඇති හිස් කොටුව තුළ කතිර ලකුණ යෙදිය යුතු වනවා.

එමෙන්ම, අපේක්ෂකයන් තුන් දෙනෙකුට සිය මනාපය පළ කළ හැකි බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

ඒ සදහා ඡන්ද පත්‍රිකාවේ එක් එක් අපේක්ෂකයාට වෙන් කර දී ඇති අනුක්‍රමික අංකය ඇතුළත් කොටුව මත කතිර ලකුණ යෙදිය යුතු බව ද ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button