දේශීය

බෙහෙ​ත් ගත් ළමුන් පිරිසකට ආසාත්මිකතාව​ක්

මිහින්තලය රෝහලෙන් නිකුත්කළ ඖෂධ ලබාගත් ළමුන් කිහිපදෙනෙක් ආසාත්මිකතාවය ඇතිවීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

මෙලෙස අසාධ්‍ය තත්වයට පත්ව ඇත්තේ, සෙම්ප්‍රතික්ශාව සහ සෙම සඳහා ඖෂධ ලබාගත් වයස අවුරුදු 6 සිට 12 දක්වා ළමුන් පිරිසක්.

මෙම සිසුන් පිරිස ඊයේ (14) දින සෙම් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිම සඳහා මිහින්තලය රෝහලට ගිය අවස්ථාවේදී ලබාදුන් එන්නතක් විෂ විමෙන් ඔවුන් ආසාධ්‍ය ත්ත්වයට පත් වී තිබෙනවා.

අනතුරුව එම සිසුන් පිරිස වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ ක​ර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button