බේරුවල අල් ෆාසිහතුල් නස්රියා මුස්ලිම් පිරිමි විදුහලේ විද්‍යාගාරය ප්‍රතිසංස්කරණය කෙරේ

බේරුවල අල් ෆාසිහතුල් නස්රියා මුස්ලිම් පිරිමි විදුහලේ විද්‍යාගාරය ප්‍රතිසංස්කරණය කර සිසු අයිතියට පැවරීම පසුගියදා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතාගේ විමධ්‍යගත ප්‍රතිපාදන හරහා සිදුකරනු ලැබූවා.
මේ සඳහාරුපියල් ලක්ෂ හතරක මුදලක් වැයකර තිබෙනවා.
සාමාන්‍යයෙන් සංවර්ධන වැඩසටහන් ආරම්භ කිරීම හෝ විවෘත කිරීම යනු හුදු දේශපාලන උවමනා මත සිදුකරන ඒවා බවට ජනතාව තුළ මතයක් ගොඩනැගී තිබුනද මෙම වැඩසටහන ඊට හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගෙන තිබුණා.
ඒ විවිධ මතයන් නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් රැසක නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගීවී සිටීම හේතුවෙන්.
මෙම අවස්ථාවේ සභාව ආමන්ත්‍රණය කරමින් ඉමිතියාස් බාකිර් මාකර් මහතා මෙලෙස අදහස් පලකළා.
“මම අද මේ අවස්ථාව දකින්නේ සර්ව පාක්ෂික සමුළුවක් වගේ. සියලු දේශපාලන නියෝජිතයින් සම්බන්ධ වී සිටීම දැකීමත් සතුටක්.
මට සිහිපත්වන්නේ නායක ස්වාමීන් වහන්සේ නමක් කියූ කියමනක් නම්බුව හරියට බම්බුව වගේ කියලා. යුතුකම් ඉටුකිරීම තමා වැදගත්ම කාර්යය. ඉස්ලාම් දහමේ කියැවෙන ආකාරයට දෙවියන්ට ඉතාම සමීප කෙනා සමාජයට යහපතක් බව.”
