ක්‍රීඩා
ඇෆ්ගනිස්ථානයට කඩුලු 7ක ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහිව අද පැවති තරගය කඩුලු 7කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා.
ලකුණු 242ක ජයග්‍රාහී ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානය පන්දුවාර 45යි පන්දු 2කදී කඩුලු 3ක් දැවී තරගයේ ජය හිමිකරගත්තා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Rahmat Shah පන්දු 74කදී හතරේ පහර 7ක් සමග ලකුණු 62ක් රැස්කරගත්තා.
නායක Hashmatullah Shahidi ආරක්ෂාකාරී පිතිහරඹයක නියැලෙමින් කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගියා.