දේශීය

වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) දිවුරුම් දී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදීයි.

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියක්ද වනවා.

වැඩබලන අගවිනිසුරුවරිය 1985 වසරේ දී නීතිපති දෙපාර්තමේන්තුව හා එක්ව ඇති අතර 1997 වසරේ දී ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වී තිබුණා.

ඇය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button