දේශීය

ලොව පුරා අධි​ක තාප වසංගතයක්

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ මහ­ලේ­කම් අන්ටෝ­නියෝ ගුටේර​ස් සඳහන් කර ඇති බ​ව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සෙවීමට පියවර ගන්නා ලෙසද ඔහු රටවල්වලින් ඉල්ලා තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ, ඉන්ධන භාවිතය නතර කර තුරු මෙම උණුසුම් තත්ත්වයෙන් මිදීමට නොහැකි බවයි.

මෙලෙ​ස අධික උෂ්ණත්වක් අවසන් වරට වාර්තා වී ඇත්තේ 2023 වසරේ ජුලි මාසයේදීයි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) නවතම වාර්තාවක සඳහන් වෙන්නේ, ගෝලීය ශ්‍රම බලකායෙන් 70%කට වඩා (බිලියන 2.4) ජනතාව මේ වනවිට දැඩි උෂ්ණත්වයේ ඉහළ අවදානමක සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button