දේශීය

රාජාංගනේ මාර​ක රිය අනතුරකින් කාන්තාවක් මරුට

රාජාංගනය පොලිස් වසමේ ගොවිපල හන්දිය යාය 15 අතුරු මාර්ගයේ කිරිවල ප්‍රදේශයේදී යතුරුපැදියක් ඉදිරියෙන් පැමිණි තවත් යතුරුපැදියක ඊයේ (31) මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

ගොවිපල හන්දිය සිට යාය 15 දෙසට ධාවනය වූ යතුරුපැදී දෙකක් මෙලෙස අනතුරට ලක්වී තිබුණා.

එම අනතුරින් එක් යතුරුපැදියක පැදිකරු, අනෙක් යතුරුපැදියේ පැදිකාරිය සහ පසුපස සිටි කාන්තාව බරපතල තුවාල බලා නොච්චියාගම රෝහලට ඇතුළත් කර තිබුණා.

පොලිසිය පවසන්නේ, එහිදී පැදිකාරිය මියගොස් තිබෙන බවයි.

මරණකාරිය වයස අවුරුදු 39ක් වන යාය 16, තරුණ ගොවිපල, පහලමාරගහවැව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button