දේශීය
ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

ඉන්දියාවේ දැවැන්ත භූ චලනයක් සිදු වුවහොත් එය කොළඹ නගරයට බලපෑමේ ඉඩ ප්‍රස්ථාව වැඩි බව භූගෝල විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසුවා.
ඉන්දියාවේ හිම්චාල් – උත්තරකාන්ත් යන ප්‍රාන්තවල එළැඹෙන සතියේදී රිච්ටර් පරිමාණ අටක් පමණ විශාලැති භූ චලනයක් සිදුවිය හැකි බවට ඉන්දියාවේ භූ චලන විමර්ශන ආයතනය අනතුරු අඟවා තිබෙනවා.
රිච්ටර් පරිමාණ අටක භූ චලනයක් ඉන්දියාවේ සිදුවුවහොත් එය අනිවාර්යයෙන්ම කොළඹට බලපාන බවත්, මීට වසර දෙකකට පමණ පෙරදී ඉන්දියාවේ, හිම්චාල් ප්‍රදේශයට පහළින් පිහිටි නගරයක රිච්ටර් පරිමාණ පහක පමණ භූ චලනයක් සිදුවූ බවත්, එහිදී කොළඹ නගරයේ ගොඩනැගිලි සෙලවීමකට ලක්වූ බවත් මහාචාර්යවරයා සඳහන් කළා.
මෙලෙස විශාල භූමි කම්පාවක් සිදු වුවහොත් ඉන්දියාවේ වසර සියයක්, එකසිය පනහක් පමණ පැරණි ගොඩනැගිලිවලට යම් බලපෑමක් එල්ලවීමේ අවදානම වැඩි බවද ඔහු පවසනවා.