විදෙස්

හිස්බුල්ලා සංවිධානයේ නායකගෙ​න් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්

ඊශ්‍රායලය තම සීමාව ඉක්මවා ගොස් ඇති බවට හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරල්ලා ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය සංවිධානයේ හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමේ සිද්ධියට ප්‍රතිචාර දක්වමින් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඊට ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවටද හිස්බුල්ලා නායකයා ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ඉරානයද දැඩි චෝදනාවක් එල්ල කරමින් පවසන්නේ ඊශ්‍රායලයට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු අයුරකින් පසුබට නොවන බවටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button