දේශීය

ඉන්දුනීසියාව සමඟ වෙළෙඳ ගිවිසුමක්

ඉන්දුනිසියා – ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම (ISLPTA) අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

එ​ම වරණීය වෙළෙඳ ගිවිසුම (ISLPTA) සම්බන්ධයෙන් වන දෙවන වෙළෙඳ සාකච්ඡා කමිටු රැස්වීම 2024-07-15 සහ 16 යන දෙදින කොළඹදී පවත්වා තිබුණා.

ඒ අනුව යෝජිත ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා 2024 දෙසැම්බර් මස වන විට අවසන් කිරීමටත්, 2025 මාර්තු මාසයේදී එකී වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමටත් දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇති බව සඳහන් කරමින් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button