විදෙස්
ඊශ්‍රායලයට දරුණු ප්‍රහාරයක්

ලෙබනනයේ හෙස්බුල්ලා සටන්කාමීන් විසින් උතුරු ඊශ්‍රායලයේ හමුදා මර්මස්ථාන කිහිපයක් වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
මිසයිල සහ ඩ්‍රෝන යොදාගෙන එම ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් ඊශ්‍රායල හමුදා භටයින් 14 දෙනෙක් තුවාල ලබා තිබුණා.
පසුගියදා ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් හෙස්බුල්ලා ප්‍රධානීන් කිහිපදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර ඊට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව හෙස්බුල්ලා සංවිධානය පවසා තිබෙනවා.
තුවාල ලැබූ ඊශ්‍රායල භටයින් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්.