ක්‍රීඩා

බංග්ලාදේශයට ලකුණු 258ක ඉලක්කයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරගවටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර තරගය මේ වනවිට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි.

ඒ අනුව, තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 257ක් රැස්කළා.

සදීර සමරවික්‍රම ලකුණු 93ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 50 ක්ද පැතුම් නිස්සංක ලකුණු 40ක්ද ලබා ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button